ගුවන් තොටුපොළ ජුනි 1දා විවෘතයි


ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් සදහා අත්හිටුවා තිබූ ගුවන් ගමන් , යළි ලබන ජුනි මස 01 දින සිට ඉවත් කිරීමට , ශ්‍රී ලංකා  සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තීරණය කර ඇති බව , එහි සභාපති උපුල් ධර්මදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී.

ශ්‍රී ලංකාව තුළ පැතිර යන කොරෝනා වසංගත තත්වයේ ව්‍යාප්තිය පාලනය  කිරීම සදහා මෙරටට ගුවන් තොටුපළ වල් වෙත , මෙම මැයි මස 21 දින සිට 31 දක්වා කාළය තුළ ගුවන් මගීන්ගේ පැමිණීම අත්හිටුවීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබුණි .

ඒ අනුව ලබන ජුනි මස 01 දින සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානයකට එකවර රැගෙන පැමිණිය හැකි උපරිම ගුවන් මගීන් සංඛ්‍යාව 75 ක් ලෙස ද සිවිල් ගුවන් අධිකාරිය නිර්දේශ කර තිබේ .

එහෙත් තවදුරටත් ඉන්දියාවේ සිට පැමිණෙන ඉන්දීය ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට පැමිණීම අත්හිටුවා තිබේ .

එමෙන්ම ජුනි මස 01 දින සිට පැමිණෙන සියලුම ගුවන් මගීන් දින 14 ක කාළයක් නීරෝධායන මධ්‍යස්ථාන තුළ නීරෝධායනය විය යුතුය .

එසේම මෙරටට පැමිණීම සදහා  ශ්‍රී ලාංකික සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර හිමියන්ට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවසරය ලබා ගැනීම අවශ්‍ය නොවන බව ද එම නිවේදනයේ සදහන් වේ .

එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන  මුහුදු නාවිකයන් , ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක විය යුතුය .

එසේම ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශයන් අනුගමනය කළ යුතු බව ද සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය .

 

 



Recommended Articles