ගුවන් තොටුපළ දෛනික සේවකයින් නිවාඩු


කටුනායක ගුවන් තොටුපළ සේවකයින් අද (06දා) ක්‍රියාත්මක හර්තාල් ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගම කටුනායක ගුවන් තොටුපළ දෛනික රාජකාරී කටයුතු වල නිරත සියලුම සේවකයින් නිවාඩු ලබා දී , ඔවුන් ගුවන් තොටුපළෙන් පිටත් කර හැර තිබෙනවා .
 
මෙම හර්තාල් ව්‍යාපාරයට සහයෝගය දක්වමින් කටුනායක  ගුවන් තොටුපළ අන්තර් සමාගම් සේවක සංගමයේ සහ ජාතික සේවක සංගමයේ සේවකයින් අද (06දා) දහවල් කෑම පැයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබූ අතර ,
එයට පෙර දහවල් 11.30 ට කටුනායක ගුවන් තොටුපළ දෛනික රාජකාරී වල නිරත සියලුම සේවකයින් වෙත නිවාඩු ලබා දී , ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කිරීමට පියවර ගෙන තිබුණි .
 
මෙම හර්තාල් ව්‍යාපාරයට සහාය පළ කරමින් ගුවන් තොටුපළ සේවකයින් පෙරවරු 10.00 ට පමණ , ගුවන් තොටුපළ පිටවීමේ දොරටුව අභියස මෙම විරෝධතා ව්‍යාපාරය ආරම්භ කර තිබුණි .
 
මෙසේ ගුවන් තොටුපළ දෛනික රාජකාරී වල නිරත සේවකයින් අද (06දා) දහවල් නිවාඩු ලබා පිටව ගොස් තිබුණ ද , ගුවන් තොටුපළ සාමාන්‍ය රාජකාරී සහ ගුවන් ගමන් මෙහෙයුම් බාධාවකින් තොරව  ක්‍රියාත්මක වන බව කටුනායක ගුවන් තොටුපළ රාජකාරී කළමනාකාරවරයා පැවසීය . 


Recommended Articles