ගුරුකන්ද වෙරළේ දිය නෑමට ගිය අයෙක් අතුරුදන්


කොස්ගොඩ ගුරුකන්ද වෙරළ තීරයෙන් පෙරේදා ඊයේ (14 ) පස්වරුවේ දිය නෑමට ගොස් මුහුදේ ගසාගෙන ගිය  තරුණයින්   දෙදෙනෙගෙන්  එක් අයෙක් අතුරුදහන්ව අනෙක් තැනැත්තා අසාධ්‍යව බලපිටිය මූලික රෝහලට ඇතුළත් කළ බව කොස්ගොඩ පොලීසිය කියයි.

මෙසේ අතුරුදහන්වී ඇත්තේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි තිසර මැදගමගේ  නැමැති විසිතුන් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි. අතුරුදහන්වූ තරුණයාගේ සිරුර අද (15 ) උදෑසන වන විටත් හමුවී නොතිබිණ.

මුහුදේ ගසාගෙන  මේ දෙදෙනාගෙන් එක් අයෙකු පමණක් ප්‍රදේශවාසීන් මැදිහත්ව බේරාගෙන ඇති බව පවසන පොලීසිය ඔහු සියඹලාපේ පදිංචි රොලින් ලුවිස් නමැත්තෙකු  බවද කියයි.

අතුරුදහන්වූ තැනැත්තා පිළිබදව සොයා බැලුවද ඔහුගේ සිරුර මෙතෙක් හමුවී නැති බවත් එබැවින් ඔහුගේ සිරුර සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම් අංශය කැදවා සොයා බැලීමට පියවර ගත් බවත් පොලීසිය කියයි.

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



Recommended Articles