උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී වර්තමාන ආණ්ඩුවද දේශපාලන හිතවත්කම් මත රැකියා ලබාදෙන බවට පවසමින් එය නිවැරදි කරන ලෙස ඉල්ලා අද (06දා) ගුරු විභාග සමතුන් විරෝධතාවක නිරත විය.
ගුරු විභාග සමත් උපාධිධාරීන්ට රැකියා ලබාදීමේදී විභාග අසමත් පිරිස් දේශපාලන හේතූන් මත බඳවා ගනිමින් සිටින බවද විරෝධතාවේ නිරත පිරිස් සඳහන් කළේය.
බස්නාහිර පළාත් ගුරු විභාගය සමතුන් හා ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනය ඉදිරිපිටදී මෙම විරෝධතාව දැක්වීය.
එහිදී අදහස් දැක්වූ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු පූජ්‍ය තැන්නේ ඥානානන්ද හිමියෝ වැඩිදුරටත් සඳහන් කළේ අලුත් ආණ්ඩුවද පරණ ආණ්ඩුව ගමන් කළ පාරේ යමින් ගුරු විභාගය සමතුන්ට අසාධාරණකම් සිදුකරමින් තිබෙන බවයි.

