ගුරු විදුහල්පති සමිති අද දිනයේ සේවයට වාර්තා නොකරයි


ගුරු විදුහල්පති වෘත්තිය සමිති අද දිනයේ සේවයට වාර්තා නොකිරිමට තීරණය කර ති​බේ. ඒ අනුව මෙම තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර ඇති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කර සිටියේ​ය.

රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව අද සිට දිවයින පුරා සියලු ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද සේවයට වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම්දී තිබේ.



Recommended Articles