ගුරු විදුහල්පති සංගම්වලට ඇමති අනුකමිටුවෙන් කැඳවිමක්


වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින්ට ඒ සඳහා සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව කැඳවීමක් කර තිබෙනවා.

අදාල සාකච්ඡාව ලබන අගහරුවාදා පස්වරුවේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ නිවසේදී පැවැත් වීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම සාකච්ඡාව සඳහා සිය නියෝජිතයින් තිදෙනෙකුට පමණක් අවස්ථාව ලබා දිය හැකි බව එම අමාත්‍ය මණ්ඩල අනු කමිටුව විසින් දැනුම් දුන් බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ.

 



Recommended Articles