ගිනිගත්හේන හා නෝටන්බ්‍රිජ් ප්‍රදේශයන්ට සංචරණ සිමා


කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් වැඩි ප්‍රමාණයක් වාර්තා වු ප්‍රදේශ දෙකකට අද සිට නැවත දැනුම් දෙන තුරු සංචරණ සිමා පැනවිමට කටයුතු කර තිබෙන බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 15 දෙනෙකු හමුවු ගිනිගත්හේන බ්ලැක්වොටර් වත්ත ඉහල කොටසට සහ කොවිඩ් වෛරසය අසාදනය වු අසාදිතයන් 7 දෙනෙකු හමු වු නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් දඩුකැලේ වත්තේ පහල කොටසට මෙසේ සංචරණ සිමා පනවා ඇත.

 



Recommended Articles