ගිනිගත් නැවේ පරික්ෂණ සඳහා තවත් කණ්ඩායමක්


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සන්නිවේදන පද්ධතිය විශ්ලේෂණයට තවත් කණ්ඩායමක් අනියුක්ත කිරීමට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊට අනියුක්ත කරන බවයි.

ඒ අනුව නෞකාව ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවෙන් පමණක් කණ්ඩායම් දෙකක් පත් කර තිබේ.

මේ අතර, මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්න මුහුදු කලාපයෙන් ලබා ගත් ජල සාම්පල මේ වන විට විමර්ශනයට ලක් කරමින් ඇතැයි, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශ කළේ ය.

 



Recommended Articles