එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් අධිකරණ නියෝග නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ පියවර ගැනීමේ හැකියාව විමර්ශන නිලධාරින් සතුව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (15) පෙන්වා දුන්නා ය.
මහේස්ත්‍රාත්වරිය මේ බව කියාසිටියේ නෞකාව හිමි සමාගමේ දේශීය නියෝජිත ආයතනය සතු ඊමේල් පටිගත කිරීමේ යන්ත්‍රයේ පිටපතක් විමර්ශන නිලධාරීන්ට භාර නොදීම පිළිබඳව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුවයි.
දේශීය නියෝජිතයා වන සීකොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගමේ සභාපතිවරයා හා කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන අර්ජුන හෙට්ටිආරච්චි මහතා විදේශ ගතවීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද මාධව තෙන්නකොන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

