ගිනිගත් නැවේ කපිතාන්ට විදෙස්ගතවීම තහනම්


අධිකරණය නිකුත් කළ නොතීසියක් අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි ශ්‍රී ලංකාව අවට මුහුදු තීරයේ ගිනි ගැනිමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ග්‍රීක ජාතක කපිතාන්වරයාට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණය නියෝගයක් නිකුත් කළේය.

අද (28දා) කපිතාන්වරයා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙහිදී කපිතාන්වරයා රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් ඔහුට රටින් පිටවීම තහනම් කිරීම පමණක් සිදු කළේය.

 



Recommended Articles