ගිනිඅවි තුනක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට


මහියංගණ රිදීමාලියද්ද  ඇකිරියන්කුඹුර ගම්මානයේ  වගා හේන් තුනක  පැල්වල තිබී  මෙරට නිෂ්පාදිත ගිනිඅවි 3ක් සොයාගත් බව  රිදීමාලියද්ද පොලීසිය  පවසයි.

(10) දා රාත්‍රී මෙම වැටලීම සිදුකර  ඇති අතර  අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28,29,30 යන වයස් කාණ්ඩවලට අයත්   ඇකිරියන් කුඹුර පදිංචි කරුවන් බවද පොලීසිය සඳහන් කරයි .

බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන මහතාගේ මෙහෙයවිම යටතේ රිදීමාලියද්ද පොලීසිය වැඩිදුර විමර්ශන  සිදුකරයි .

බදුල්ල - පාලිත ආරියවංශ



Recommended Articles