ගිනිඅවි 2ක් අස්ථානගත විමට පානදුර උතුර පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්


පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් අස්ථානගත වීම සම්බන්ධයෙන් පානදුර උතුර ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කර තිබේ.

පානදුර උතුර පොලිස් ස්ථානයේ ටී-56 වර්ගයේ ගිනිඅවි දෙකක් මෙලෙස  අතුරුදන්ව තිබුණේ පසුගිය ජුලි මස 6 වන දිනයි.

ඒ අනුව මුලිකව අනාවරණය වු කරුණු මත පානදුර උතුර පොලිස් පරීක්ෂණ ප්‍රහාත් පරණවිතාන මහහා මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත.

මෙය ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සිදු කර තිබේ.

 

 



Recommended Articles