ගින්නෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට වන්දි ලබාදීම ගැන සාකච්ඡාවක්


එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට වන්දි ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(11) පස්වරුවේ පැවැත්වෙයි.

මෙහිදී අදාළ නෞකාව අයත් සමාගමෙන් මෙරටට ලැබුණු රුපියල් මිලියන 720 ක අතුරු වන්දිය බලපෑමට ලක්වූ ධීවරයින්ට ලබාදීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට නියමිතය.

ඔවුන්ට වන්දි ගෙවීම සම්බන්ධයෙන් ප්‍රමුඛ අවධානය යොමු කරන බව ද ධීවර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.



Recommended Articles