ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක ගින්නක්


කොළඹ ගෑස්පහ හන්දියේ පිහිටි වෙළෙඳසලක අද (05) පෙරවරුවේ දී ගින්නක් හටගෙන තිබේ.

කෙසේ වෙතත් මේ වනවිට ගින්න පාලනය කර ගැනීමට කොළඹ ගිනි නිවන ඒකකය සමත් වී ඇත.

ගින්නට හේතුව විදුලි කාන්දු වීමක් බවට සැක කරන අතර වේල්ල වීදිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවට වාර්තා වෙයි.



Recommended Articles