ගෑස් මිල වැඩි වුණාට පස්සේ නව මිලට ගෑස් විකුණයි


ගෑස් මිල වැඩිවන බව දැන සිටි හැටන් ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් දින දෙකක් තිස්සේ වෙලදසැල් වසා දමා ඊයේ (05දා) දින මධ්‍යම රාත්‍රියේ සිට එම සමාගම විසින් ගැස් මිල වැඩි කිරිමත් සමග අද (06) දින උදෑසන එම වෙලදසැල් විවෘත කර ගෘහස්ථ ගැස් සිලින්ඩර් නව මිලට අලෙවි කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

විවෘත කර තිබු ගෑස් අලෙවිසැල් වෙත එම සමාගමින් (06) දින නව මිලට ගැස් තොග නිකුත් කල අතර, ගෑස් මිල වැඩි කිරිම අසාධාරණ බවයි ගෑස් පාරිභෝගිකයන් කියා සිටියේ.

 

 



Recommended Articles