ගෑස් පෝලිමේ සිටි අයෙකුගේ හිසට පොල් ගෙඩියක් වැටී රෝහලට


පිටිගල ප්‍රදේශයේ ගෑස්  පෝලිමේ සිටි අයකුගේ හිසට අද (21දා)පොල් ගෙඩියක් වැටි බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පිටිගල පොලිසිය පවසයි .

මෙසේ රෝහල්ගත කොට ඇත්තේ පිටිගල ඉදිපලගොඩ ප්‍රදේශයේම පදිංචි තිදරු පියෙක් බවද පොලිසිය කියයි.

දැනට දින පහක් තිස්සේ පිටිගල ඉදිපලේගොඩ විදුහල් පිටියේ ගෑස් පෝලිමේ සිටි අයෙකුගේ හිසට මේ පොල් ගෙඩිය වැටි තිබේ.

හිසට පොල් ගෙඩිය වැටුණු තැනැත්තාගේ තත්ත්වය බරපතල බව ඇල්පිටිය රෝහල් ආරංචි මාර්ග කියයි . පිටිගල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත / පිටිගල ඩි .ජේ.විජේසිංහ 



Recommended Articles