ගෑස් පෝලිමේ සිටි අයෙක් සිහි නැතිව ඇද වැටෙයි


දෙහිවල ගෑස් පෝලිමේ රැඳී සිටි වයෝවෘද්ධ පුද්ගලයකු සිහි මුර්ජා වීමෙන් ගෑස් සිලින්ඩර මතට ඇද වැටීමෙන් අනතුරුව දෙහිවල පොලීසිය විසින් රෝගී පුද්ගලයා කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත අද (24දා) රැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

දෙහිවල ගාලුපාරේ වෛද්‍ය පාර ආසන්නයේ ඇති ගෑස් අලෙවි මධ්‍යස්ථානයේ උදෑසන සිට ගෑස් ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සහිත දිගු  පෝලිමක් දක්නට ලැබුණු අතර එම පෝලිමේ රැඳී සිටියදී මෙම වයෝවෘද්ධ පුද්ගලයා සිහිසුන් වී ඇතැයි පොලිසිය පවසයි. 

දිලංගා ගෝමස්



Recommended Articles