ගෑස් නියෝජිත ආයතනයකින් සිලින්ඩර් 14 ක් කොල්ලකයි


බදුල්ලේ  ගෑස් නියෝජිත ආයතනයකින් රුපියල් එක් ලක්ෂ හැට හතර දහසක් වටිනා ගෑස් සිලින්ඩර් 14 ක් කොල්ලකා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකර ඇතැයි බදුල්ල පොලිසිය  පවසයි .

ඉන්ධන සගවා ඇතැයි කියමින්  පුද්ගලයෙක් විසින්  රූගත කිරීමක් සදහා  සංවිධානාත්මක සැකකරුවන් උපයෝගිකරගත් අවස්ථාවේ  ඔවුන් ගෑස් කොල්ලකා ඇති බවට ද තොරතුරු ලැබී ඇති අතර ඒ පිළිබඳවද සොයාබලන බව පොලිසිය සඳහන්කළේය .

කොල්ලකන ලද  ගෑස් ,රජයේ නියමයට අනුව අත්‍යාවශ්‍ය සේවාවන් සදහා වෙන්කර තිබූ ඒවා බව ගෑස් නියෝජිතයා පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව තිබේ .
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජිව කුමාර මහතා ගේ මෙහෙයවීමෙන් බදුල්ල පොලිසිය විමර්ශන සිදුකරයි. 

බදුල්ලේ පාලිත ආරියවංශ 

 



Recommended Articles