ගැස් පෝලිමේ සිටි අයෙක් සිහිසුන්ව ඇදවැටෙයි


වාද්දුව  ගැස් පෝලිමේ  සිටී පුද්ගලයෙකු සිහිසුන්ව ඇදවැටී අද (21දා) රෝහල් ගතකර ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .මෙසේ රෝහල් ගතකර ඇත්තේ වාද්දුව , තල්පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පැවසේ.

අද දින ගැස් නිකුත් කිරීම සිදුකරන බවට ලද තොරතුරක් මත ඒ සදහා නිකුත් කරන ටෝකන් පතක් ලබාගැනීමට සිටියදී  උදෑසන 9.00  ට පමණ සිහිසුන්ව ඇදවැටී ඇත.

ඒ සමගම අවට සිටි පිරිස  1990 ගිලන් රථයෙන් ඔහු  මූලික රෝහලට රැගෙන ගොස් ඇත.

පානදුර සුමිත් පොතුපිටිය 



Recommended Articles