ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද (09) ආරම්භ වේ.
ඒ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමිනි.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කළේ, ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බවය.

