ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට කොවිඩ් එන්නත දි අවසන්


මෙරට ගැබිනි මවුවරුන්ගෙන් සියයට 75කට මේ වන විට කොවිඩ් මර්දන එන්නත් ලබා දි ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

ගර්භනි මවුවරුන්ට කොවිඩ් එන්නත් ලබාදිමේ සතියක් මේ වන විට ක්‍රියාත්මක අතර එහිදි ද ගැබිනි මවුවරුන් බෝහෝ දෙනෙක් එන්නත් ලබාගෙන ඇතැයි කි අධ්‍යක්ෂවරිය මෙතෙක් එන්නත් නොගත් අය සිටි නම් ප්‍රදේශයේ සායනයට සෞඛ්‍ය නිලධාරි කාර්යාලයට හෝ රෝහලට ගොස් ලබාගන්නැයි තමා ඉල්ලිමක් කරන බවද සඳහන් කළාය.



Recommended Articles