ගැබිනි මවුවරුන් 700කට කොවිඩ්


කොරෝනා වෛරසයේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග කොරෝනා වෛරසය ආසාදනය වූ  ගැබිනි මවුවරුන් හත්සියයක් මේ වන විට රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය සදහන් කළාය.

මේ අතරින් බහුතරයක් ගැබිනි මවුවරුන් කොරෝනා මර්දන එන්නත් ලබාගෙන නොමැති බව ද අනාවරණය වී ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ගැබිනි මවුවරුන් 19 දෙනකු මේ වන විට මරණයට පත්ව ඇති අතර ඔවුන් සියලූම දෙනා එන්නත් ලබාගෙන නොතිබූ බව ද ඇය පෙන්වා දුන්නාය.

දැනට රටේ ගැබිනි මවුවරුන් එක්ලක්‍ෂ පනස්දහසත් ලක්‍ෂ දෙකත් අතර පිරිසක් සිටින බව ද කී විශේෂඥ වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය ඒ අතරින් කොරෝනා මර්දන එන්නතේ එක් මාත‍්‍රාවක් හෝ ලබාගෙන තිබෙනුයේ තිස්දහසක පමණ පිරිසක් බව ද පැවසුවාය.

සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (11 පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සදහන් කළාය.



Recommended Articles