ගැටුමක් නිසා තරුණයෙක් අවසන් ගමන් යයි


මාතලේ පොලිස් වසමේ පලාපත්වල ප්‍රදේශයේ නිවසක දෙපාර්ශවයක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පුද්ගලයින් දෙදෙනෙකුට තියුණු ආයුධකින් පහරදී තුවාල සිදුකර මාතලේ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට මාතලේ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 18 ක් වූ පලාපත්වල, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ සැකකරුගේ නිවසට පැමිණ සැකකරු හා නිවැසියන් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු අසල තිබූ තියුණු ආයුධයකින් මරණකරුගේ ගෙල ප්‍රදේශයට පහර දී තවත් පුද්ගලයෙකුට කැපුම් තුවාල සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. 

මෘත ශරීරය මාතලේ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාතලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. ඊයේ (27දා) සවස මෙම ගැටුම සිදුව තිබේ.



Recommended Articles