ගැටඹේ විහාරස්ථානයක පුද්ගලයකු මිය යාමේ සිද්ධියට හිමිනමක් හා ග්‍රාමාරක්ෂක අත්අඩංගුවට


මහනුවර ගැටඹේ දිය කපනාතොට පන්සලේදී පුද්ගලයකුට පහරදී ගස් බැඳ සිටියදී ඔහු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම විහාරස්ථානයේ නායක හිමිනම සහ විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා සිටි සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

සිද්ධියෙන් මිය ගොස් තිබුණේ මැණික්හින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ  (43) හැවිරිදි  හිටපු යුද හමුදා සෙබළෙකි .

ඔහු ඊයේ 07දා අලුයම් කාලයේ එම පන්සල් පරිශ්‍රයට සැක කටයුතු ලෙස ඇතුළුවී සිටියදී පන්සලේ සිටි පිරිසක් ඔහුට පහර දී අත පය ගැට ගසා ගසක බැඳ දමා සිටියදී මියගොස් තිබුණි.

මියගිය පුද්ගලයාට එසේ අමානුෂික ලෙස පහරදී ගසක ගැටගසා දැමුවත් ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමක් හෝ ඔහුට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් ගත කිරීමක් හෝ නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදුකෙරෙමින් පවතින අතරතුර පන්සලේ නායක හිමි නම අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියාකොට තිබේ .



Recommended Articles