ගාසා තීරයේ සිටි ලාංකිකයන් 11ක් එයි


පලස්තීනයේ ගාසා තීරයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනෙකු 11/05 උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඔවුන් ගාසා තීරයේ සිට රෆා පිවිසුම ඔස්සේ ඊජිප්තුව වෙත පැමිණ , කයිරෝ ගුවන් තොටුපොළේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ තිබේ.

ඉන්පසුව කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් 11/05 දින අලුයම 02.30 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .

මෙම 11 දෙනා අතර කාන්තාවන් දෙදෙනෙකු සිටි බවත් , ඉතිරි 09 දෙනා ළමුන් බවත් ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සදහන් කළේය.

මෙම පැමිණීම පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කර නොතිබුණි .



Recommended Articles