ගාලුමෝදරට තවත් නාඳුනන මළසිරුරක් ගොඩ ගසයි


ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

වයස අවුරුදු හතළිහක් පමණ එම පුද්ගලයා යට ඇඳුමකින් සහ උඩුකය නිල් පාට ටී ෂර්ට් එකකින් සැරසී සිට ඇතැයි  මාධ්‍ය ප්‍රකාශකවරයා කිය

මළ සිරුර හඳුනාගැනීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මීට දින කිහිපයකට පෙරද ගාලුමුවදොර වෙරළට ගොඩ ගසා තිබූ අවුරුදු 18ක පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවිය.

 



Recommended Articles