ගාලු මුවදොර ජාතික ධජය එසවීම නාවික හමුදාවෙන් ගුවන් හමුදාවට


කොළඹ, ගාලු මුවදොර ජාතික ධජය එසවීම හා කොළඹ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරය සම්බන්ධ රාජකාරීන් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත භාර දීම 2024 මාර්තු මස 31 වන දින සහ අද දින (2024 අප්‍රේල් 01) කොළඹ ගාලු මුවදොරදී සහ ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.  

ඒ අනුව, ඉදිරි මාස 03 ක කාලසීමාවක් මෙම ගාලු මුවදොර ජාතික ධජය එසවීමේ රාජකාරීන් සහ ජනාධිපති මන්දිරයේ විශේෂ චාරිත්‍ර සම්මාන මුරයේ රාජකාරීන් ශ්‍රී ලංකා‍ ගුවන් හමුදාව විසින් සිදු කරනු ඇත.

 



Recommended Articles