ගාල්ලේ ශ්‍රිලනිප මන්ත්‍රීන් 11කට එරෙහිව පරික්ෂණ


ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රිලනිපය නියෝජනය කරන ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් 11 දෙනෙකුට එරෙහිව පක්ෂයේ විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇති බැව් ශ්‍රිලනිපයේ ගාල්ල දිස්ත්‍රික් නායක හා ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

ගාල්ල දඩැල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකදි ශ්‍රිලනිප යේ ජ්‍යෙෂ්ඨ නිතිඥයින් 08 දෙනෙකුගෙන් යුත් විනය කමිටුවක් මගින් විනය පරික්ෂණ සිදුකොට ඇත.

ශ්‍රි.ල.නි.ප නියෝජනය කරන හික්කඩුව නගර සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට, රත්ගම ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට, නියාගම ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට, කරන්දෙණිය ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරු 02නෙකුට, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශිය සභාවේ 01 මන්ත්‍රිවරයකුට ඉමදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට හා හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරුන් 02නෙකුට එරෙහිව මෙම විනය පරික්ෂණ එදින සිදුකොට ඇත.

අදාල ලිපි නොලැබිම නිසා එදින විනය පරික්ෂණ කමිටුවට සහභාගි විමට නොහැකිවු ඉමදුව ප්‍රදේශිය සභවේ මන්ත්‍රිවරුන් 02නෙකුට හා නියාගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රිවරයකුට විනය පරික්ෂණයට සහභාගිවිම සදහා විනය කමිටුව මගින් සති දෙකක කාලයක් ලබාදුන් බවද ෂාන් විජේලාල් ද සිල්වා පවසයි.

 



Recommended Articles