ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්


ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (13) පැය 08ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

බොපේ - පොද්දල, අක්මීමන, රත්ගම සහ හබරාදූව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය පවසයි.

අද පෙරවරු 08.30 සිට පස්වරු 4.30 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

 



Recommended Articles