ගාල්ලේ ඝාතකයන් වරකාපොලින් අල්ලයි


ගාල්ල පොලිස් වසමේදී 2026.05.12 වන දින කාර් රථයකින් පැමිණි පිරිසක් විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර තිබුණි. 

ඒ අනුව නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම අපරාධයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු 2026.05.19 වන දින අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් අවුරුදු 37 හා 46 වයස්වල පසුවන වරකාපොල හා මල්කඩුවාව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles