ගාල්ල දිස්ත්‍රික්කයට මේවනතෙක් වි වගා කිරිම සදහා ප්‍රමාණවත් පරිදි වාර්ෂාව නොලැබිම නිසා මුලික බිම් සකස් කිරිමට පවා තවමත් නොහැකි වි ඇති බැව් ගාල්ලේ ගොවිහු පවසති.
ගාල්ල දිස්ත්‍රික්කයේ වි වගා කටයුතු සියයට සියයක්ම වර්ෂා ජලය මත සිදුකරණු ලබන අතර මෙම තත්ත්වය නිසා ඉදිරි යල කන්නයේ වගා කටයුතු ප්‍රමාදවිය හැකි බවද ගොවින් පෙන්වාදෙති. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව ඉදිරි යල කන්නයේ වගාකටයුතු පිළිබද ගොවින් දැනුවත් කිරිමට ද පියවරගෙන ඇත.
ගොවින්ට අවශ්‍ය පොහොර ගොවිජනසේවා මධ්‍යස්ථාන මගින් ලබාදිමට සැලසුම්කොට ඇති අතර මේ වනවිටත් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත අවශ්‍ය පොහොර තොග ලැබි ඇති බැව් ගොවිජන සංවර්ධන ප්‍රා දේශිය නිලධාරිහු පවසති ගාල්ල දිස්ත්‍රික්කයේ වි . වගා කාලසටහන අනුව මාස 04 වි වර්ග අප්‍රේල් මස 30 වැනිදිනට පෙරත්, මාස තුනහමාරේ වි වර්ග මැයිමස 15 වැනිදිනට පෙරත්,මාසතුනේ වි වර්ග මැයිමස 30වැනිදිනටත් පෙර වගා කළයුතුවේ.
මාස දෙකහමාරේ වි වර්ග ජුනිමස 14 වැනිදිනට පෙර වගාකළයුතුය. ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩි වශයෙන් වගාකරණු ලබන්නේ මාස තුනහමාර සහ මාස තුනේ වි වර්ග වන අතර නියමිත කාලයට වාර්ෂාව නොලැබුණහොත් මෙම වගාකාලසටහන අනුව වි වගා කිරිමට නොහැකිවනු ඇති බවත් ඇතැම් ගොවින් මෙම කන්නයේ දි වි වගා නොකිරිමට ඉඩ ඇති බවද ගොවිහු පෙන්වාදෙති.

