ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය


ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට  කැබිනට් අනුමැතිය හිමිව ඇ​ත. ව්‍යාපෘතිය සඳහා දැනටමත් යුනෙස්කෝ අනුමැතිය ද හිමිව ඇති බව සම කැබිනට් ප්‍රකාශක  අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේය.

ව්‍යාපෘතිය යටතේ මීටර් 10 කින් පමණ ගැඹුරකින් යුත් ගාලු වරායේ දියකඩනය මීටර් 18 – 20 ත් අතර ප්‍රමාණයකට ගැඹුරු කොට ඉදි කිරිමට අපේක්ෂිත  අතර ව්‍යාපෘතිය සඳහා දළ වශයෙන් ඩොලර් මිලියන 175 ක පමණ මුදලක් වැය වනු ඇති බවට ඇස්තමේන්තු කර තිබේ.



Recommended Articles