ගාල්ල මහනගර සභාවේ සියලුම සේවකයින් PCR පරික්ෂාවට


ගාල්ල මහනගර සභාවේ සියලුම සේවක සේවිකාවන්ගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජෛව සාම්පල ලබාගැනීම අද (11) ගාල්ල මහනගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් එම පරිශ්‍රයේදී සිදුකරන ලදී.

ගාල්ල නගරයේ ස්ථාන කිහිපයකින් කොරෝනා ආසාදිතයන් වාර්තාවී තිබීමත් සනීපාරක්ෂක කටයුතු ඇතුළු පොදු මහජන සේවා සඳහා නිලධාරී නිලධාරිනියන් නිතර නිතර ජනතාව සමග සම්බන්ධවීමට සිදුවීමත් හේතුවෙන් මෙලෙස පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට තීරණය කළ බව සෞඛ්‍ය අංශ පැවසීය. 

 



Recommended Articles