ගාල්ල නගරයේ පීසීආර් 492ක ආසාදිතයින් නෑ


ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථානවල සේවකයන් සහ නගරයේ දී අහඹු ලෙස හමුවූ පුද්ගලයන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ 492ක් අතරින් කිසිදු කොරෝනා ආසාදිතයකු වාර්තා වී නැතැයි සෞඛ්‍ය අංශ පවසයි.

කොරෝනා ආසාදනය වූ දෙදෙනකු ගාල්ල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයකට ගොස් ඇති බවට තොරතුරු ලැබීම හේතුවෙන් පසුගිය 20 වනදා මෙලෙස පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීම සිදුකරන ලදී. එම පරීක්ෂණ වාර්තා පෙරේදා (21) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ රසායනාගාරය මගින් නිකුත් කර තිබිණි.

ගාල්ල සිරංගිකා ලොකුකරවිට



Recommended Articles