ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට ස්ථාන මාරු


ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සහ ප්‍රාදේශීය වසංගත විද්‍යාඥවරයා ස්ථාන මාරු කර තිබේ.

ඒ,  ගාල්ල උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේදී අවිධිමත්ව කොවිඩ් එන්නත් දුන් බවට එල්ල වූ චෝදනා හේතුවෙනි.

බස්නාහිර පළාතේ පිරිසකට ගාල්ල ප්‍රදේශයේදි ඇස්ට්‍ර සෙනෙකා එන්නත ලබාදුන් බවට නැගුණු චෝදනාට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඊයේ දිනයේදි වාර්තා විය.

 



Recommended Articles