ගාල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි


ගාල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයට කොරෝනා ආසාදිත වූ අයකු පැමිණ ඇතැයි ලැබුණ තොරතුරක් හේතුවෙන් අද (23) උදෑසන තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමූ බව තැපැල් ස්ථානාධිපතිවරයා පවසයි.

තැපැල් කාර්යාලය විෂබීජහරණය කිරීමට මේ වනවිට කටයුතු සූදානම් කරමින් පවතින අතර ඉන්පසු ලැබෙන සෞඛ්‍ය උපදෙස් අනුව කාර්යාලයේ කටයුතු ආරම්භ කරන බව ද ඔහු කියා සිටියේය. 



Recommended Articles