ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් තවත් දින තුනක් වසා තබයි


කොරෝනා ව්‍යාප්ත වීම හේතුවෙන් දෙසැම්බර් 18 වනදා දක්වා වසා දැමුණු ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්  මෙම වර්ෂයේ තෙවැනි වාර අවසාන නිවාඩුව ආරම්භ වන 23 වැනි දින දක්වා වසා තැබීමට තීරණය කළ බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා  මහතා පවසයි.
ඒ අනුව දෙසැම්බර් 21, 22 සහ  23 දින තුනේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 26ක්  වසා තැබෙනු ඇත.  

නව පාසල් වාරය  ජනවාරි 04 වැනිදින ආරම්භ වීමට නියමිතව තිබේ.

අද (18) පස්වරුවේ දකුණු පළාත් ප්‍රධාන ලේකම්ආර්.සී.ද සොයිසා  මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති  ගාල්ල දිස්ත්‍රික් කොඩිව් කමිටු රැස්විමේ දී මෙම තින්දුව ගෙන තිබේ. 

රැස්වීම ලබුදූව දක්ෂිණපායේදී පැවැත්විණ.

ගාල්ල - සිරංගිකා ලොකුකරවිට 



Recommended Articles