ගසකට යටවූ 11 හැවිරිදි ළමයෙක් මියයයි


මීගහකිවුල කෙසෙල්වත්ත ගම්මානයේ , ගසක් කපන දෙස බලාගෙන සිටි 11 හැවිරිදි ළමයෙක් එම ගසට යටවී (8) දා දහවල්  මියගොස් ඇතැයි කන්දකැටිය පොලිසිය  පවසයි .

මෙම ළමයා ගේ නිවස අසළ වෙනත් ඉඩමක කැපූ ගසක්  මෙම ළමයා සහ ඔහුගේ මව සිටි ස්ථානයට කඩාවැටීමෙන් මේ අනතුර සිදුව ඇතැයි පොලිසිය සඳහන් කළේය .

හිසට බරපතල තුවාල සිදුවූ , උදයකුමාර නමැති මෙම ළමයා මීගහකිවුල දිසා රෝහලට රැගෙන  ගියද එහිදී ඔහු මියගොස් තිබේ .මෙම සිද්ධියේදී මව සුළු තුවාල ලබා බේරී ඇත .

බදුල්ලේ පාලිත ආරියවංශ



Recommended Articles