ගවඝාතකාගාර හා මස් අලෙවිසැල් සතියකට වසයි


නැගෙනහිර පළාතේ ඇති ගව ඝාතකාගාර හා මස් අලෙවිසැල් සතියක කාලයකට වසා තබන ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය උපදෙස් ලබා දී තිබේ.මෙම නියෝගය කුකුළු මස් හැර අනෙකුත් මාංශ සඳහ අදාළ වෙයි.

නැගෙනහිර පළාතේ ඇතිවූ සීත කාලගුණික තත්ත්වය හේතුවෙන් මිය ගිය ගවයන්ගේ හා එළුවන්ගේ මාංශ අනෙකුත් පළාත් හා දිස්ත්‍රික්ක වෙත ප්‍රවාහනය කිරීම වැළැක්වීමටත් පාරිභෝජනයට වැළැක්වීමටත් අදාළව මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව නැගෙනහිර පළාතේ ගවඝාතකාගාර හා මාංශ අලෙවිසැල් අද (12දා) දිනයේ සිට එළැඹෙන 18 දා තෙක් වසා තැබෙනු ඇත.

 



Recommended Articles