ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය තවත් රැඳවියෙක් සොයා ගනියි


ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් පස් දෙනා අතරින් තවත් රැඳවියෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ආරච්චිකට්ටුව පොලිස් ස්ථානාධිපතිට ලැබුණ තොරතුරක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එසේම මෙම ආසාදිතයාට සැඟවීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකුද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැඳවියන් පස් දෙනා අතරින් මේ වන විට රැඳවියන් දෙදෙනෙකු සොයාගෙන තිබේ.



Recommended Articles