ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය නෑ


ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද  පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට  නියමිතය.

ගල්, වැලි සහ පස් ප්‍රවාහනයේදී ජනතාව මුහුණ දෙන දැඩි අපහසුතා සැලකිල්ලට ගනිමින් හා ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන ගැටලු අවම කිරීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.



Recommended Articles