ගල් කොරියකින් ඇදවැටි තරුණයෙක් මරුට


බදුල්ල දිස්ත්‍රික්කයේ උසම හා විශාලතම ගල් කොරිය වන දෙමෝදර ගල් කොරියේ කළුගල් කඩමින් සිටි තරුණයෙක් අද (18)  ප.ව 2 .00 ට පමණ  ගල්කොරියේ අඩි 40 ක පමණ ඉහල සිට  බිමට ඇදවැටී ජීවිතක්ෂයට පත්වූ බව ඇල්ල පොලිසිය  පවසයි .

බරපතළ තුවාල ලැබ සිටි මෙම තරුණයා බදුල්ල මහ රෝහලට රැගෙන යන විටත් ජීවිතක්ෂයට පත්ව තිබු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය .

මෙසේ ජීවිතක්ෂයට පත්වඇත්තේ  දෙමෝදර ඇල්ලන්ද පදිංචිව සිටි මෙහොමඩ් රිෆාන් නැමැති 28 හැවිරිදි තරුණයෙකි.

ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව කුමාර මහතාගේ උපදෙස් මත ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි .

පාලිත ආරියවංශ 



Recommended Articles