ගල් අඟුරු බලාගාරවලට රතන හිමිගේ විරෝධය


ගල් අඟුරු බලාගාර තිබෙන රටවලින් 75%ක් ගල්අඟුරු බලාගාර අඩු කිරීමට තීරණය ගෙන තිබියදී ලංකාව තුළ ගල් අඟුරු බලාගාර සකස් කිරීමට සැලසුම් කර තිබෙන බව පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ අවධාරණය කළහ.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය නිසා ගැටලු රාශියක් ඇති වී තිබෙන බවත්, එම ප්‍ර‘දේශවල දරුවන්ට ශ්වසනාබාධ ඇති වී තිබෙන බවත් උන්වහන්සේ පවසා සිටියහ.

අඩු වියදමින් විදුලිය නිෂ්පාදනය කර ගැනීමේදී සූර්ය බලයෙන් විදුලි නිෂ්පාදනය ලාභදායී බවත්, 2017 හා 2018 වසරවල වැස්ස නොලැබුණු බවත්, එහෙත් මේ වසරේදී ඕනවටත් වඩා වැඩියෙන් වර්ෂාව ලැබූ බවත්, මේ නිසා පරිසරය ආරක්‍ෂා කරගත යුතු බවත් අද (30දා) පැවැති වැඩමුළුවකදී මෙසේ පැවසූහ.

 



Recommended Articles