ගලහා මාර්ගය මාස හයකට වැසෙයි


මහනුවර සිට පේරාදෙණිය දක්වා දිවෙන දුම්රිය මාර්ගය ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස වැඩිදියුණු කිරීම හේතුවෙන් මේ මස 20 වැනි දින සිට මාස 06 ක කාලයකට පේරාදෙණිය විශ්වවිද්‍යාලය මැදින් දිවෙන ගලහා මාර්ගය වසා දැමීමට පියවර ගෙන තිබේ .

එම මාර්ගය හරහා දිවෙන දුම්රිය පාලම කඩා දමා නවීකරණය කිරීමට සිදුවීම හේතුවෙන් එසේ එම ගලහා මාර්ගය වසා දැමීමට සිදුව තිබේ .

ගලහා ප්‍රදේශයට ගමන් කරන වාහන වලට විකල්ප මාර්ගයක් ලෙස ගලහා හන්දිය අසලින් දිවෙන පැරණි පාර (ලබුදුවේ සිරිධම්ම මාවත) ඔස්සේ අල්විස් පොකුණ අසලට පැමිණ ගලහා දෙසට ගමන් කරවීමට සැලසුම් කොට තිබේ .

 

 



Recommended Articles