ගර්භනී කාන්තාවන් වෙනුවෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගෙන් නිවේදනයක්


කොවිඩ් - 19 වසන්ගතය හේතුවෙන් රට තුළ පවතින තත්ත්වය මත ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්  නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අනතුරු සංඥා ඇති ගර්භනී කාන්තාවන් වහාම රෝහල් ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය. - උණ, ලේ ගැලීම, දරුණු හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීම දුර්වල වීම, වලිප්පුව (Fits), පපුව / උදර වේදනාව, දරුවා දැඟලීම අඩුවීම,ශරීරයේ ඉදිමීම හෝ වෙනත් තදබල අපහසුතාවයක්.

එසේම රෝහල්වල තදබදය අවම කළ යුතු අතර සායනවලට සහභාගිවන ගර්භනී කාන්තාවන්ට කලින් වේලාවක් වෙන් කරගෙන සායන වලට යොමුවිය යුතුය.

 



Recommended Articles