ගර්භනි මවුවරුන් 200 කට කොවිඩ්


ගර්භනී මවුවරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පවසනවා.

එසේම, දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මව්වරුන් 25 දෙනෙකු පමණද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි ඇය කියා සිටියේ.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා සඳහන් කළේ ගර්භනී මවුවරුන් අත්‍යවශ්‍යම කාරණයකට හැර වෙනත් කරුණකට නිවසින් පිටතට යෑම සිදුනොකළ යුතු බවයි.

 



Recommended Articles