ගයන්ත අතේ පතේ ගා ගත්තේ නෑ, හඳුන්ගෙන් සහතිකයක්


ආණ්ඩු ගණනාවක් නියෝජනය කළද හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දූෂිතයෙක් නොවන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"අපේ ගයන්ත මන්ත්‍රීතුමාලා වගේ අතේ පතේ ගා ගත්ත නැති මන්ත්‍රීවරුත් ඉන්නවා. හොඳ මිනිස්සු ඉන්නවා. ගයන්ත මන්ත්‍රීතුමා ආණ්ඩු ගණනාවක ඉන්නවා අතේ පතේ ගා ගන්නේ නෑ. අපිට හොඳ අය හොඳයි කියන්න පුළුවන්." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles