ගම්පහින් පැය 24කදී ආසාදිතයන් 259ක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ අද (02දා) සවස 4.00 න් අවසන් පැය 24 ක කාලය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 259 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදිත රෝගීන් 12,278 දෙනෙකු වාර්තා වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

අද දිනයේ වාර්තා වී ඇති රෝගීන් අතර වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 36 දෙනෙකු ද, මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් 34 දෙනෙකු ද, ජා - ඇල කොට්ඨාසයෙන් 27 දෙනෙකු ද, බියගම කොට්ඨාසයෙන් 21 දෙනෙකු ද, ගම්පහ කොට්ඨාසයෙන් 20 දෙනෙකු ද , කැළණිය කොට්ඨාසයෙන් 20 දෙනෙකු සිටින බව වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.



Recommended Articles