ගම්පහින් අවසන් පැය 24 ක කාළය තුළ ආසාදිතයින් 55ක්


ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොරෝනා ආසාදිත රෝගීන් 11/13 දින සවස 4.00 න් අවසන් පැය 24 ක කාළය තුළ 55 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඒ අනුව මේ දක්වා මෙම රෝගීන් 4333 දෙනෙකු වාර්තා වී ඇති අතර , ඔවුන් සොයා ගැනීම සදහා පී.සී.ආර්. පරීක්ෂණ 61,500 ක් සිදු කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය .

මෙම රෝගීන් අතුරින් 22 දෙනෙකු වත්තල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් සොයාගෙන ඇති අතර , තවදුරටත් එම ප්‍රදේශයේ සිටින රෝගීන් අනාවරණය කර ගැනීම සදහා 11/13 ( අද ) සහ 11/14 (හෙට ) දින වල පී.සී.ආර්. පරීක්ෂණ දිනකට  500 බැගින් පරීක්ෂණ 1000 ක් සිදු කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව වෛද්‍ය මිගාර ඈපා මහතා සදහන් කළේය .

එසේම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන , එහෙත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇති කර්මාන්තශාලා 45 කින් 11/13 දින ද කොරෝනා ආසාදිත රෝගීන් 08 දෙනෙකු හදුනා ගෙන ඇති අතර , ඒ අනුව  මේ වනවිට මෙම වෛරසය ආසාදිත රෝගීන් 307 දෙනෙකු සොයාගෙන ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය .



Recommended Articles