ගම්පහ රෝහලේ ICU ඒකකයට රු. මිලියන 4ක වෛද්‍ය උපකරණ


කොවිඩ් වසංගතය හමුවේ රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රුපියල් මිලියන 4ක වටිනාකමින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් මැලිබන් ආයතනය මගින් ගම්පහ රෝහල වෙත පරිත්‍යාග කිරීම අද (09) දින එම රෝහලේදී සිදුවිය. ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේගේ සහභාගීත්වයෙන් මැලිබන් ආයතනයේ සාමාන්‍යාධිකාරී මෙහෙයුම් බන්දුල පෙරේරා මහතාගේ සුරතින් ගම්පහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම මහතා වෙත එම උපකරණ තොගය පරිත්‍යාග කරන ලදි.

අසාධ්‍ය තත්වයේ පසුවන කොවිඩ් රෝගීන් වෙනුවෙන් අවශ්‍ය වන හදිසි ප්‍රතිකාර කටයුතු සදහා භාවිතා කිරීමට අවශ්‍ය වන ICU වෙන්ටිලේටර්, ICU බෙඩ්, නෙබියුලයිසර් මාස්ක්, ඔක්සිජන් මාස්ක් ඇතුළු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ මෙහිදී පරිත්‍යාග කෙරිණි.



Recommended Articles